Saturday, January 14, 2012

අහසයි අම්මා....



අහසයි අමිමා තරුවකි එහි මා...
සයුරයි අම්මා දිය දෝතකි මා...
පොලොවයි අම්මා දුහුවිල්ලකි මා...
සිතවේ අම්මා සිතුවිල්ලකි මා...
අහසයි අමිමා ....

ආලෝකය පා අදුරම දුරලා...
සැදුනයි හිරුමයි නුබමයි.....
මා අහසට අම්මා...
මා අහසට අම්මා..

අහසයි අමිමා ....

ස්නේහය ගංගා යයි රැලි නන්වා...
වැස්සයි ගගුලයි නුබමයි...
මා කතරට අම්මා.....
මා කතරට අම්මා.....

අහසයි අමිමා ....

(කැලුම් ඉදුවර)

Sunday, October 9, 2011

ලොකු බබත් බ්ලොග් ලියන්න පටන් ගන්නයි යන්නේ...


   ඉතින් කට්ටියටම ආයුබෝ කිවුව. ඉතින් කට්ටිය බලනව ඇති ලොකු බබා කිවුවාම කව්ද බොලේ මේ කියල ලොකු බබා කියන්නෙ කව්ද කියල අපේ බස් සංගමේ කට්ටියනන් දන්නව. ‍බ්ලොග් ලියන්න නන් අලුත් එ වුනා ට   අවුරුද්දක දෙකක ඉදන් බ්ලොග් කියවල කොමෙන්ට්ස් කරල තියනව. හැබැයි ලොකු බබා කියන නමින් නන් නෙමෙයි.

‍මම ගැන කියනවනන් අවුරුදු 22ක පොඩි කොල්ලෙක් තාම. ඉන්නෙ නන් යක්කල හරියෙ. එත් මේ අවුරුදු 22 ඇතුලත කරපුදේවල් ගොඩයි. 

මේ බ්ලොග් එකේ එදේවල් එකින් එක ඉදිරියට ලියන්න හිතාගෙන ඉන්නේ...මම වරද්ද ගත්ත තැන්...  ඇනගත්ත තැන්.... යාලුවො ගැන.... රසවත් වගේම චා කතා ගොඩක්..

ඉතිං හැමෝටම ආරාධනා කරනව මගෙ බ්ලොග් එකක් එක්ක රැදිල ඉන්න කියල. ජය වේවා..